Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන (SBTDP) - Ananda Samarakoon Vidyalaya – Piliyandala.

2026.06.22 දින බප/පිළි/ ආනන්ද සමරකෝන් විද්‍යාලයේ ගුරුභවතුන් සඳහා "වර්තමාන දරුවා හා ඉගෙනුම" යන මාතෘකාව යටතේ පැවති පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දීමට SMART Mind ආයතනයට අවස්ථාව සලසා දුන් විදුහල්පති B. W. වීරරත්න මහතා, නියෝජ්‍ය විදුහල්පතිනි ඩිලානි දොරවක මැතිණිය, සහ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම ගුරුභවතුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 💙 මෙම වැඩසටහන තුළ ගුරුභවතුන්ගේ වෘත්තීය ධාරිතාව හා නූතන ඉගැන්වීම් කුසලතා වර්ධනය කිරීම සඳහා පහත මාතෘකා පිළිබඳව සාකච්ඡා කරන ලදී. ❇️ නූතන දරුවා හඳුනා ගැනීම (Understanding the Modern Child) ❇️ Assessment Tools – තක්සේරු මෙවලම් සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය ❇️ නූතන ගුරු භූමිකාව (The Role of the Modern Teacher) ❇️ නූතන ජීවිතයට අත්‍යවශ්‍ය මිනුම් දඩු (Life Skills & Success Indicators) ❇️ The Study Systems – සාර්ථක ඉගෙනුම් හා පාඩම් කිරීමේ ක්‍රමවේද මෙම වැඩසටහන තුළදී, ✅ නූතන පරපුරේ දරුවන්ගේ චර්යා රටා සහ ඉගෙනුම් අවශ්‍යතා හඳුනා ගැනීම, ✅ ඉගැන්වීම හා ඇගයීම සඳහා නවීන ක්‍රමවේද හඳුන්වා දීම, ✅ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් භාවිතයෙන් ගුරුභවතුන්ගේ වෘත්තීය ධාරිතාව වර්ධනය කිරීම, ✅ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික උපදෙස් ලබා දීම, ✅ වෘත්තීය සාර්ථකත්වය, නායකත්වය සහ ගුරු වෘත්තියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යන අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී. SMART Mind ලෙස අපගේ අරමුණ වන්නේ ගුරුභවතුන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් ශක්තිමත් කරමින්, ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීමයි. 🌱📚 📞 Contact Us SMART Mind Counselling & Training Center (Pvt) Ltd. 🌐 www.smartmind.lk 📞 +94 77 275 1756 #SMARTMind #SmartMindLK #TeacherDevelopment #TeacherTraining #SchoolBasedTraining #ProfessionalDevelopment #ModernTeacher #ModernChild #AssessmentTools #StudySystems #LifeSkills #EducationalPsychology #Counselling #Training #CapacityBuilding #SchoolPrograms #AnandaSamarakoonMahaVidyalaya #SriLankaEducation #EmpoweringTeachers #EmpoweringMinds #TransformingLives #KasunAlgama