
Hi! Click one of our members below to chat on WhatsApp
2026.06.22 දින බප/පිළි/ ආනන්ද සමරකෝන් විද්‍යාලය හි මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ 8, 9, 10 ශ්‍රේණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා "විෂය ප්‍රතිඵල සංවර්ධනය කිරීම හා සාර්ථකව ඉගෙන ගන්නා අන්දම, විභාග සමත් වන ක්‍රම" යන මාතෘකාව යටතේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දීමට SMART Mind ආයතනයට අවස්ථාව සලසා දුන් විදුහල්පති B. W. වීරරත්න මහතා, නියෝජ්‍ය විදුහල්පතිනි දිලානි දොරවක මැතිණිය, ගරු ආචාර්ය මණ්ඩලය සහ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට මෙන්ම උනන්දුවෙන් සහභාගී වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 💙 මෙම වැඩසටහන තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යයන කාර්ය සාධනය සහ විභාග සූදානම ශක්තිමත් කිරීම සඳහා පහත මාතෘකා ආවරණය කරන ලදී. ✅ Exam Secrets – විභාග ජයග්‍රහණයේ රහස් ✅ Study Skills – මතක තබා ගැනීමේ හා සාර්ථකව ඉගෙනීමේ නවීන ක්‍රමවේද ✅ Relaxation Activities – ආතති කළමනාකරණය, විභාග බිය අවම කිරීම සහ මානසික සූදානම සඳහා මනෝවිද්‍යාත්මක අභ්‍යාස මෙම වැඩසටහන හරහා ඉගෙනුම් කුසලතා වර්ධනය කිරීම, විභාගය පිළිබඳ නිවැරදි මානසික සූදානම ගොඩනැගීම සහ තම අනාගත සිහින ජයගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය හා මඟපෙන්වීම සිසු සිසුවියන්ට ලබා දීමට හැකි විය. SMART Mind ආයතනය ලෙස ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය, මානසික යහපැවැත්ම සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ගුණාත්මක වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු. 🌱✨ 📞 Contact Us SMART Mind Counselling & Training Center (Pvt) Ltd. 🌐 www.smartmind.lk 📞 +94 77 275 1756 #SMARTMind #SmartMindLK #ExamSuccess #ExamPreparation #ExamSecrets #StudySkills #LearningStrategies #OL2026 #OLStudents #StudentDevelopment #AcademicExcellence #PositivePsychology #MentalWellbeing #StressManagement #Counselling #Training #SchoolPrograms #AnandaSamarakoonMahaVidyalaya #SriLankaEducation #FutureLeaders #KasunAlgama #EmpoweringMinds #TransformingLives