Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

ශිෂ්‍ය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ගුරුභවතුන්ගේ වැඩසටහන - Zonal Education Office - Piliyandala

2026.06.25 දින පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවති කලාපයේ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දීමට SMART Mind ආයතනයට අවස්ථාව සලසා දුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ W. A. K. H. ද සිල්වා මැතිණිය, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ C. R. P. රත්නායක මැතිණිය, උපදේශන නිලධාරී ධනුෂා නිලන්ති මැතිණිය, සහ කලාපයේ උපදේශන කටයුතු භාර සියලුම ගුරුභවතුන්ට SMART Mind අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 💙 මෙම වැඩසටහන තුළදී පහත සඳහන් මාතෘකා පිළිබඳ නවීන මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකි විය. ✅ නූතන දරුවා හඳුනා ගැනීම (Understanding the Modern Child) ✅ Assessment Tools – දරුවා හඳුනාගැනීමේ තක්සේරු මෙවලම් සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය ✅ නූතන දරුවා සහ පවුල් පසුබිම (The Modern Child & Family Dynamics) ✅ නූතන උපදේශන ගුරු භූමිකාව (The Role of the Modern Counselling Teacher) ✅ The Study Systems – පාඩම් කිරීමේ සාර්ථක ක්‍රමවේද ✅ Generation-wise Evaluation – පරම්පරා පාදක ඇගයීම් සහ පරම්පරා අතර වෙනස්කම් අවබෝධ කර ගැනීම මෙම වැඩසටහන හරහා, ❇️ නූතන පරපුරේ දරුවන්ගේ චර්යා, සිතුම් පැතුම් හා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම, ❇️ උපදේශන කටයුතු සඳහා භාවිතා කළ හැකි ප්‍රායෝගික තක්සේරු මෙවලම් හඳුන්වා දීම, ❇️ පවුල් පසුබිම හා පරම්පරා වෙනස්කම් දරුවන්ගේ හැසිරීම් කෙරෙහි ඇති බලපෑම විග්‍රහ කිරීම, ❇️ පාසල් උපදේශන සේවාව වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මනෝවිද්‍යාත්මක ක්‍රමවේද හා ක්‍රියාකාරකම් හඳුන්වා දීම, ❇️ උපදේශන ගුරුභවතුන්ගේ වෘත්තීය ධාරිතාව සහ සේවා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කිරීම යන අරමුණු සාර්ථකව ඉටු කිරීමට හැකි විය. SMART Mind ලෙස අපගේ අරමුණ වන්නේ ගුරුභවතුන්, උපදේශන ගුරුභවතුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සවිබල ගන්වමින්, දරුවන්ගේ මානසික යහපැවැත්ම හා අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා තිරසාර දායකත්වයක් ලබා දීමයි. 🌱✨ 📞 Contact Us SMART Mind Counselling & Training Center (Pvt) Ltd. 🌐 www.smartmind.lk 📞 +94 77 275 1756 #SMARTMind #SmartMindLK #CounsellingTeachers #TeacherDevelopment #SchoolCounselling #EducationalPsychology #AssessmentTools #ModernChild #GenerationWiseEvaluation #StudySystems #ProfessionalDevelopment #CapacityBuilding #GuidanceAndCounselling #Education #Training #PiliyandalaEducationZone #SriLankaEducation #EmpoweringTeachers #EmpoweringMinds #TransformingLives #KasunAlgama