Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත්වන ක්‍රම පිළිබඳ වැඩමුළුව.- Darmaraja Maha Vidyalaya – Piliyandala

2026.07.13 දින බප/පිළි ධර්මරාජ මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් සඳහා *සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබඳ වැඩමුළුව* සඳහා සම්පත් දායකත්වය ලබාදීමට SMART Mind ආයතනයට අවස්ථාව සලසා දුන් ගරු විදුහල්පති, S.L.A.P. සමරවික්‍රම මහතාට G.D.D.D.B. පුෂ්ප කුමාරසිරි, ගුරුතුමාට ගරු ආචාර්ය මණ්ඩලයට සහ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට මෙන්ම උනන්දුවෙන් සහභාගී වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. මෙම වැඩසටහන තුල සිසු සිසුවියන්ගේ අධ්‍යයන කාර්ය සාධනය සහ විභාග සූදානම ශක්තිමත් කිරීම සඳහා පහත මාතෘකා ආවරණය කරන ලදී. ✅ Exam Secrets - විභාග ජයග්‍රහණයේ රහස් ✅ Study Skills - මතක තබා ගැනීමේ හා සාර්ථකව ඉගෙනීමේ නවීන ක්‍රමවේද ✅ ආතති කළමනාකරණය, විභාග බිය අවම කිරීම සහ මානසික සූදානම සඳහා මනෝවිද්‍යාත්මක අභ්‍යාස මෙම වැඩසටහන හරහා ඉගෙනුම් කුසලතා වර්ධනය කිරීම, විභාගය පිළිබඳ නිවැරදි මානසික සූදානම ගොඩනැගීම සහ තම අනාගත සිහින ජය ගැනීම සදහා අවශ්‍ය විශ්වාසය හා මග පෙන්වීම සිසු සිසුවියන්ට ලබා දීමට හැකි විය. SMART Mind ආයතනය ලෙස ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය මානසික යහපැවැත්ම සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ගුණාත්මක වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටින්නෙමු. 📞 Contact Us SMART Mind Counselling & Training Center (Pvt) Ltd. 🌐 www.smartmind.lk 📞 +94 77 275 1756 #SMARTMind #SmartMindLK #ExamSuccess #ExamPreparation #ExamSecrets #StudySkills #LearningStrategies #OL2026 #OLStudents #StudentDevelopment #AcademicExcellence #PositivePsychology #MentalWellbeing #StressManagement #Counselling #Training #SchoolPrograms # DarmarajaMahaVidyalaya #SriLankaEducation #FutureLeaders #KasunAlgama #EmpoweringMinds #TransformingLives