Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

🌟 සාර්ථක ඉගෙනුමකට මඟපෙන්වීමක් | විභාග ජයග්‍රහණයට ශක්තියක්! 🌟

*🌟 සාර්ථක ඉගෙනුමකට මඟපෙන්වීමක් | විභාග ජයග්‍රහණයට ශක්තියක්! 🌟* 📚 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහන 2026.09.11 දින බප/පිළි/රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් “සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම” යන තේමාව යටතේ පැවති වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදීමට SMART Mind ආයතනයට අවස්ථාව සලසා දුන් විදුහල්පතිනි D.M.A.A. දෙමටගොඩ මහත්මියටත්, නියෝජ්‍ය විදුහල්පතිනි ශෂි අමාලි රත්නපාල මහත්මියටත්, ගරු ආචාර්ය මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම දෙනාටත්, උනන්දුවෙන් සහභාගි වූ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපගේ ස්තුතිය පිරිනමමු. 💙 🎯 වැඩසටහන තුළ ආවරණය කළ ප්‍රධාන මාතෘකා: ✅ Exam Secrets – විභාග ජයග්‍රහණයේ රහස් විභාග සාර්ථකත්වය සඳහා අවශ්‍ය උපායමාර්ග සහ සූදානම් වීමේ වැදගත් කරුණු. ✅ Study Skills – සාර්ථකව ඉගෙනීමේ නවීන ක්‍රමවේද මතක තබා ගැනීම, අවබෝධයෙන් ඉගෙනීම සහ ඵලදායී අධ්‍යයන පුරුදු වර්ධනය කර ගැනීම. ✅ Relaxation Activities – ආතති කළමනාකරණය හා මානසික සූදානම විභාග බිය අවම කර ගැනීම, ආතතිය පාලනය කිරීම සහ මානසික සන්සුන්භාවය වර්ධනය කිරීම සඳහා මනෝවිද්‍යාත්මක අභ්‍යාස. මෙම වැඩසටහන හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනුම් කුසලතා වර්ධනය කිරීම, විභාගය පිළිබඳ නිවැරදි මානසික සූදානම ගොඩනැගීම සහ තම අනාගත සිහින ජයගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය හා මඟපෙන්වීම ලබා දීමට හැකි විය. 🌱 SMART Mind ආයතනය ලෙස, ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය, මානසික යහපැවැත්ම සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ගුණාත්මක වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු. SMART Mind – දැනුමෙන්, කුසලතාවෙන් සහ විශ්වාසයෙන් ජයග්‍රාහී අනාගතයකට! 📞 077 2 751 756 🌐 www.smartmind.lk #SMARTMind #විභාගජයග්‍රහණය #සාමාන්‍යපෙළ #අධ්‍යයනකුසලතා #ExamSecrets #StudySkills #RelaxationActivities #විභාගසූදානම #දරුවන්ගේසංවර්ධනය #මානසිකයහපැවැත්ම #StudentDevelopment #EducationalSuccess