
Hi! Click one of our members below to chat on WhatsApp
*🌟 විභාගයට ඉලක්කයක් 🌟* 📚 අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයට පෙනී සිටින ශිෂ්ය ශිෂ්යාවන් වෙනුවෙන් පැවති "සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාගය සමත් වන ක්රම පිළිබඳ වැඩමුළුව" 2026.09.16 දින කැස්බෑව කොට්ඨාස අධ්යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන “විභාගයට ඉලක්කයක්” යන තේමාව යටතේ පැවැත්වූ අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදීමට SMART Mind ආයතනයට අවස්ථාව සලසා දුන් කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂ D.P.P මේනුකා මහත්මියටත්, උපදේශක මහත්මීන්ටත්, විදුහල්පති වරුන්ටත්, ආචාර්ය මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම දෙනාටත්, උනන්දුවෙන් සහභාගි වූ ආදරණීය ශිෂ්ය ශිෂ්යාවන්ටත් අපගේ ස්තුතිය පිරිනමමු. 💙 🎯 වැඩසටහන තුළ ආවරණය කළ ප්රධාන මාතෘකා: ✅ Exam Secrets – විභාග ජයග්රහණයේ රහස් විභාග සාර්ථකත්වය සඳහා අවශ්ය උපායමාර්ග සහ සූදානම් වීමේ වැදගත් කරුණු. ✅ Study Skills – සාර්ථකව ඉගෙනීමේ නවීන ක්රමවේද මතක තබා ගැනීම, අවබෝධයෙන් ඉගෙනීම සහ ඵලදායී අධ්යයන පුරුදු වර්ධනය කර ගැනීම. ✅ Relaxation Activities – ආතති කළමනාකරණය හා මානසික සූදානම විභාග බිය අවම කර ගැනීම, ආතතිය පාලනය කිරීම සහ මානසික සන්සුන්භාවය වර්ධනය කිරීම සඳහා මනෝවිද්යාත්මක අභ්යාස. මෙම වැඩසටහන හරහා ශිෂ්ය ශිෂ්යාවන්ගේ ඉගෙනුම් කුසලතා වර්ධනය කිරීම, විභාගය පිළිබඳ නිවැරදි මානසික සූදානම ගොඩනැගීම සහ තම අනාගත සිහින ජයගැනීම සඳහා අවශ්ය විශ්වාසය හා මඟපෙන්වීම ලබා දීමට හැකි විය. 🌱 SMART Mind ආයතනය ලෙස, ශ්රී ලංකාවේ දරුවන්ගේ අධ්යාපනික සාර්ථකත්වය, මානසික යහපැවැත්ම සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ගුණාත්මක වැඩසටහන් තවදුරටත් ක්රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු. SMART Mind – දැනුමෙන්, කුසලතාවෙන් සහ විශ්වාසයෙන් ජයග්රාහී අනාගතයකට! 📞 077 2 751 756 🌐 www.smartmind.lk #SMARTMind #විභාගජයග්රහණය #සාමාන්යපෙළ #අධ්යයනකුසලතා #ExamSecrets #StudySkills #RelaxationActivities #විභාගසූදානම #දරුවන්ගේසංවර්ධනය #මානසිකයහපැවැත්ම #StudentDevelopment #EducationalSuccess