Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත්වන ක්‍රම පිළිබඳ වැඩමුළුව.- Methodist High School - Moratuwa

දරුවන්ගේ අනාගත අධ්‍යාපන සාර්ථකත්වය වෙනුවෙන් SMART Mind අපගේ දායකත්වය! දරුවන්ගේ අධ්‍යාපනික හැකියාවන් වර්ධනය කිරීම, නිවැරදි ඉගෙනුම් පුරුදු ඇති කිරීම සහ විභාග සාර්ථකත්වයට මානසිකව සූදානම් කිරීම අරමුණු කරගනිමින් SMART Mind විසින් පාසල් පාදක අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන් මාලාව යටතේ පිළියන්දල කලාපයේ මොරටුව අධ්‍යාපන කොට්ඨාශයේ 2026.09.28 දින මෙතෝදිස්ත උසස් විද්‍යාලය - මොරටුව හිදී පැවැත්වූ වැඩසටහන දරුවන් සමඟ දැනුම, අත්දැකීම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බෙදාගැනීමට ලැබුණු වටිනා අවස්ථාවකි. මෙවන් අර්ථවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදුන් මොරටුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට, මෙතෝදිස්ත උසස් විද්‍යාලයේ විදුහල්පතිතුමියට, ගුරු මණ්ඩලයට සහ සහයෝගය දැක්වූ සියලු දෙනාට SMART Mind හි හෘදයාංගම ස්තුතිය පිරිනමමු. 🙏 දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන, ඔවුන්ගේ අනාගත අධ්‍යාපන සාර්ථකත්වය කරා මෙහෙයවීම සඳහා පාසල් සමඟ අත්වැල් බැඳගැනීමට අපි සූදානම්. SMART Mind Empowering Minds, Transforming Lives 📞 077 275 1756 🌐 www.smartmind.lk #SMARTMind #SchoolDevelopment #StudentDevelopment #EducationalSuccess #LearningSkills #ExamSuccess #SchoolPartnership #OL2026 #GCEOL #EmpoweringMindsTransformingLives